Home Vollyball ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් ශූරතා ගුවන් සහ යුද හමුදා සතු වෙයි

ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් ශූරතා ගුවන් සහ යුද හමුදා සතු වෙයි

ආරක්ෂක සේවා ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් පිරිමි ශූරතාව ගුවන් හමුදාව විසින් දිනා ගත් අතර එම කාන්තා ශූරතාව දිනා ගැනීමට යුද හමුදාව සමත් විය.
අවසන පූර්ව තරගයේ නාවික හමුදාව තරග වට 2-0 කින් පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණි ගුවන් හමුදාව අවසන් මහා තරගයේදී යුද හමුදාව තරග වට 2-1 කින් පරාජය කළේය. කාන්තා අවසන් මහා තරගයේදී යුද හමුදාව විසින් තරග වට 2-1 කින් ගුවන් හමුදාව පරාජය කළේය.
වෙරළ වොලිබෝල් ශූරතාව එසේ බෙදී යද්දී වොලිබෝල් පිරිමි ශූරතාව යුද හමුදාව විසින්ද එම කාන්තා ශූරතාව ගුවන් හමුදාව විසින්ද දිනා ගන්නා ලදී. පිරිමි අවසන් මහා තරගයේදී යුද හමුදාව විසින් තරග වට 3-1 කින් ගුවන් හමුදාව පරාජය කළ අතර කාන්තා අවසන් මහා තරගයේදී ගුවන් හමුදාව විසින් තරග වට 2-1 කින් යුද හමුදාව පරාජය කිරීමට සමත් විය.