එංගලන්ත – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස නිමා වෙයි

එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැති තුන් වැනි සහ අවස්න විස්සයි විස්ස තරගය ලකුණු 5කින් ජය ගැනීමට පාකිස්තානය සමත් විය. ඒ අනුව දෙරට අතර ක්‍රියාත්මක වූ තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස නිමාවට පත් විය.
මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තේය. මොහොමඩ් හෆීස් ලකුණු 86ක්, හේඩර් අලී ලකුණු 54ක් සහ බාබර් අසාම් ලකුණු 21ක් වාර්තා කිරීමට සමත් විය.
ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 185කට සීමා විය. මොයින් අලී ලකුණු 61ක් සහ ටොම් බන්ටොන් ලකුණු 46ක් වාර්තා කළේය.
දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයට වර්ෂාවෙන් බාධා සිදු වූ අතර දෙවැනි තරගය ජය ගැනීමට සත්කාරක එංගලන්තය සමත් විය.