ඩිල්රුවන් පෙරේරා ටෙස්ට් කඩුලු සියයක් ගනියි

35 හැවිරි ඩිල්රුවන් පෙරේරා ඉන්දියාව සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සියවැනි ටෙස්ට් කඩුල්ල සටහන් කර ගැනීමට සමත් විය. ඩිල්රුවන් 25 වැනි ටෙස්ට් තරගයේදී අදාළ සංධිස්ථානයට පැමිණි අතර ඔහුගේ ටෙස්ට් හොඳම පන්දු යැවීම සටහන් වන්නේ ලකුණු 70 කට කඩුලු 6 කි. ඒ 2016 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදීය. ඊට අමතරව දකුණු අප්‍රිකාවට, පාකිස්තානයට දෙවරක් සහ බංග්ලාදේශයට ඉනිමක කඩුලු පහ බැගින් දවා ගැනීමට ඩිල්රුවන් සමත්ව තිබේ.