පාකිස්තාන් ඉන්දියා ක්‍රිකට් කපුකම අහවරයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර හට ගෙන ඇති දේශ සීමා අර්බුදය තවදුරටත් උඩු දිවීම හේතුවෙන් දෙරට අතර ද්විපාර්ශ්වික තරගාවලියක් තවදුරටත් පැවැත්වීමට නොහැකි බව ඉන්දියානු විදේශ කටයුතු ඇමැති ෂුෂ්මා ස්වරාජ් ඉන්දියානු පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
දේශීමා අරගලය හේතුවෙන් දෙරට අතර තරගාවලියක් වෙනත් රටක පැවැත්වීමද නුසුදුසු බව සුෂ්මා පැවසුවාය. 2007 වසරෙන් පසුව ඉන්දියානුවක් පාකිස්තානයේ සංචාරය කර නොමැති අතර අවසන් වරට දෙරට අතර ද්විපාර්ශ්වික තරගාවලියක් පැවැතියේ 2012 වසරේදීය. ඒ ඉන්දියාවේදීය. එම තරගාවලිය එක්දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග දෙකකට සීමා විය.