පාපන්දු ලෝක ශුරතාවක් රියල් මැඩ්රීඩ් දිනයි

ලෝක ක්‍රීඩා සමාජ අතර පැවැති පාපන්දු ලෝක ශුරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤයේ රියල් මැඩ්රීඩ් කණ්ඩායම සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙම අවසන් මහා තරගයේදී රියල් මැඩ්රීඩ් කණ්ඩායම විසින් පෘතුගාලයේ ග්‍රෙමියෝ පිල පරදා ගෝල 1-0 ක ජයක් ලබමින් අදාළ ශුරතාව දිනා ගත්තේය.
රියල් මැඩ්රීඩ් ජයග්‍රහණය වෙනුවෙන් ලෝක පූජිත ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝලය වාර්තා කිරීමට තරගයේ 55 වැනි විනාඩියේදී සමත් විය. අදාළ ලෝක ශුරතාව රියල් මැඩ්රීඩ් පිල දිනා ගත් තෙවැනි අවස්ථාවද මෙය වේ.