පාපැදි ශූරයාට දෙවැනි වරටත් කොරෝනා හැදෙයි

ගෝලීය වසංගතයක් වන කොරෝනා රෝගයට දිනෙන් දින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ටද වැළෙඳමින් තිබෙන අතරතුර ලෝක පාපැදි ශරයකු වන ප‍්‍රනාන්දු ගවිරියාට දෙවැනි වරටත් අදාළ රෝගය ආසාදනය වී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධාවකයකු වන ගවිරියා ඉකුත් පෙබරවාරි මාසයේදීද කොරෝනා රෝගයට ගොදුරු විය. ගයිරෝහී තරගයට පෙර කරන ලද පරීක්ෂණයකදී ඔහුට යළිත් රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ස්වයං නිරෝධානයට ලක් කර තිබේ.
අදාළ තරගාවලිය අතරතුර කොරෝනා වැළඳුන සිව්වැනි ධාවකයා වශයෙන්ද ගවිරියා හඳුන්වනු ලබයි. වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ආළ පරීක්ෂණ සිදුකර ඇති අතර පාපැදි කණ්ඩායම් තරග මීට සතියකට පෙර අවසන් කරන ලෙසද එම වෛද්‍යවරු උපදෙස් ලබාදී තිබුණි.