විම්බල්ඩන් ශූරිය ග‍්‍රෑන්ඞ්ස්ලෑම් අවංලගු කරන්න ඉල්ලයි

ලොව ප‍්‍රධානතම ටෙනිස් තරගාවලියක් වන ග‍්‍රැන්ඞ්ස්ලෑම් ටෙනිස් තරගාවලිය කොරෝනා වෛරසය හේතුවෙන් අවලංගු කරන්නේ නම් තමා බෙහෙවින් කැමැතියි යනුවෙන් දෙවරක්ම විම්බල්ඩන් ශූරතාව දිනූ පෙට්රා ක්විටෝවා පැවසුවාය.
‘‘මට තව වයස තියෙනවා තරග කරන්න. ඇත්තෙන්ම මම තවත් ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ක‍්‍රීඩා කිරීමට කැමැත්තෙන් ඉන්නේ. නමුත් මේ වගේ තත්ත්වයකදී ඒක අවංලගු කළ යුතුයි.’’ යැයි යනුවෙන් 30 හැවිරිදි පෙට්රා ප‍්‍රංශ පුවත් සේවයට පැවසුවාය.
පේ‍්‍රක්ෂකයන් නොමැතිව ග‍්‍රෑන්ඞ්ස්ලෑම් තරගාවලිය පැවැත්වීම තේරුමක් නැති බවද ඇය පැවසුවාය. ‘‘ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ක‍්‍රීඩා කිරීමේදී අපිට තියෙන ලොකුම දෙය වන්නේ රසිකයන්. ඔවුන් නොමැතිව ක‍්‍රීඩා කිරීමට මේ තරගාවලියට සුදුසු නැහැ.’’
ක්විටෝවා විසින් 2011 සහ 2014 දී විම්බල්ඩන් කේවල ශූරතාව දිනා ගන්නා ලදී. මේ වන විටත් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ප‍්‍රශ්නාර්ථ ලකුණක් ඉතිරිව තිබියදී එය ආරම්භ කිරීමට නියමිත දිනය වන්නේ අගෝස්තු 31 වැනිදාය.