වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායම ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ලෝක ශූරතාව දිනයි

නව රටාවකට අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන ල ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් T20 ක්‍රිකට් තරගාවලියේ ලෝක ශුරතාවලිය දෙසැමිබර් මස 9 වනදා සිට 16 දා දක්වා රටවල් 19ක් නියෝජනය කරමින් කන්ඩායම් 48 ක සහභාගිත්වයෙන් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හීදි පැවැත්වුණු අතර සමස්ත තරගාවලියේ ශූරයන් බවට පත් වීමට වෙනොරා ශ්‍රී ලන්කා පිලට හැකියාව ලැබිණි.
අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වය සහිතව සහභාගී වූ වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදිග එහි දී ලක්ෂාන් එදිරිසිංහ පන්දු 32ක් තුල ලකුණු 70ක් රැස්කර ගත්තේ වේගවත් පිතිකරණයක නිරත වෙමිනිග නායක අජන්ත මෙන්ඩිස් ද පන්දු 25ක් තුල ලකුණු 41ක් රැස්කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව තවදුරටත් ඉහළ නංවාලමිනි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 201ක් රැස්කර ගත්තේය.

ලකුණු 202ක දැවැන්ත අභියෝගයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු රීබෙල්ස් කණ්ඩායමේ කඩුලු කිහිපයක් ඉක්මනින්ම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය. ඒ නිසා තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාව දෙසට නතු වූ අතර අවසානයේ දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 116/6කට සීමා විය.
මෙම තරගාවලියට මූලික වටයේ සහභාගී වූ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාව අවසන් මහා තරගය ද ලකුණු 85කින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කීවේය.