‌චන්දිමාල් පන්සල් ගිහින් ඉල්ලූ දේ මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය සිව්වන දිනයේදී එනම් තරගය අවසන් කිරීමට එක් දවසක් ඉතිරිව තිබියදී, ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ මෙරට ජාතික කණ්ඩායමක් ලද දරුණුම ටෙස්ට් පරාජයට ලක්වූ වත්මන් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පසුගියදා ඉන්දියාවේ පිහිටි බෞද්ධ සිද්ධස්ථානයක් වැද පුදා ගැනීමට ගොස් තිබේ.
එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති අතර නිමාවූ ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ එක් දවසක් ඉතිරිව තිබියදී ලකුණු 239ක පරාජයක් ලැබීය. මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තරගයකදී ලබා ඇති ඉහලම ටෙස්ට් පරාජය වනුයේ ලකුණු 229කින් වන අතර මෙවර ඉන්දීයානු සංචාරයේදී එම වාර්තාවද බිද හෙලීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
කෙසේවෙතත් පසුගිය කාල වකවානුව තුළ කිසියම් මෑණීවරියකගෙන් ආශීර්වාද ලබා ගත් බවට දැඩි ආන්දෝලනයකට ලක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා තෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පතා ආශිර්වාද ලබා ගැනීම පිණිස සිද්ධස්ථාන වැද පුදා ගැනීමට පැමිණ ඇතැයි ඇතැම් සමාජ ජාල වෙබ් අඩවි මෙම ඡායාරූප වාර්තා කර තිබේ.