ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තද පියවරක් ගන්නැයි විරේන්දර් ශෙවාග් අයි.සී.සී. යෙන් ඉල්ලයි

Mumbai: Former cricketer Virendra Sehwag during the launch of Television show, 'Umeed India' in Mumbai on Tuesday. PTI Photo by Mitesh Bhuvad(PTI7_18_2017_000101B)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩාංගණයට විස දුමාරයක් පැමිණීම හේතුවෙන් පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊට විරෝධය දක්වමින් තරගයට බාධා පැමිණුවීම සම්බන්ධයෙන් තද පියවරක් ගන්නැයි හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවකු වූ විරේන්දර් ශෙවාග් ජාත්‍යන්තර කිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇත.
ඉන්දියා ටීවී ආයතනයට ප්‍රකාශයක් නිකුත් කරමින් එහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති ශෙවාග් පවසන්නේ ඊයේ දිනයේදී ‌ෆෙරෝ ශා කොට්ලා ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හැසිරිනු අාකාරයට එරෙහිව ජාත්‍යන්තර කකට් කවුන්සිලය තද පියවරක් ගත යුතු බවයි.
තරගයේ දෙවන දිනය වූ ඊයේ දිවා භොජනයෙන් පසු පන්දු රැකීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පන්දු රකින්නන් ස්වසන ආරක්ෂක මුඛවාඩම් පැළද ක්‍රීඩා පිටියට පිවිසි අතර තරගය අතරතුර ඇතිවූ බාධා හේතුවෙන් තරගය නතර කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උත්සහ දැරීය.කෙසේවෙතත් ඇතිවූ කථා බහ හේතුවෙන් තරගය මිනිත්තු 17ක් නතර වූ අතර තරග විනිසුරුවරුන් සහ තරග තීරක ඩේවිඩ් බූන්ගේ මැදිහත් වීම මත 12.32ට නතර වූ තරගය 12.49ට පමණ නැවත ආරම්භ විය.