‌ලකුණු 2කට සියල්ලෝම දැවී යමින් ඉන්දියාව නව ලෝක වාර්තාවක් පිහිටුවයි

ඉන්දියාවේ කේරළ සහ නාගලන්ඩ් යන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැති වයස අවුරුදු 19 දේශීය නිල එක්දින තරගයකදී පළමුවෙන් පන්දුවට පහරදුන් නාගලන්ඩ් කණ්ඩායම ලකුණු 02කට සියලුදෙනාම දැවී යමින් ක්‍රිකට් වංශ කථාවට නව ‌ලෝක වාර්තාවක් එක්කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් මෙහෙයවන 19න් පහළ සුපිරි එක්දින තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායමක් වූ නාගලන්ඩ් කණ්ඩායම එසේ ලකුණු 02කට සීමාවී ඇති අතර එහිදී ආරම්භක පිතිකාරිය වූ මෙන්කා එක් ලකුණක් ලබා ගනිද්දී, එක් ලකුණක් වයිට් පන්දුවකින් හිමිව තිබේ.
නාගලන්ඩ් කණ්ඩායමේ පිතිකාරිණියන් 9දෙනකුම ලකුණු නොලබාම දැවී යෑමද විශේෂත්වයක් වන අතර පිළිතුරු ලෙස කේරළ කණ්ඩායම පළමු පන්දුවෙන්ම හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජය හිමි කරගෙන තිබේ.
එම තරගයේ ලකුණු පුවරුව පහතින්