නිදහස් කුසලානය වෙනුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශය මාර්තු මස ලංකාවට

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 70 වන සංවත්සරය නිමිත කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සත්කාරකත්වයෙන් බල ගැන්වෙන 2018 නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් 3හි සහභාගීත්වයෙන් ලබන වසරේ මාර්තු 8 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම වී තිබේ.

සියළු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේඩදී පැවැත්වීමට සැලසුම් යොදා තිබෙන මෙම තරගාවලියට එක්දින තරග 7ක් ඇතුලත් වන අතර ඊට අවසන් තරගය හැරුණුකොට මූලික වටයේදී එක් කණ්ඩායමකට සෙසු කණ්ඩායම් ‌2 සමග තරග 2 බැගින් තරග 6කට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනු අැත.

1998 වසරේදී යෙදී තිබූ ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වූ තිලංග සුමතිපාල මහතාගේ අදහසක් අනුව පළමු වරට පැවැති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන් වසර 20කට පසුව එනම් 2018 වසරේදීද සුමතිපාල මහතාගේ ප්‍රදානත්වයෙන්ම සංවිධානය වීම සුවිශේෂී සිදුවීමකි.