ලහිරු තිරිමාන්න, අශ්වින්‌ගේ හොඳම ආහාරය බවට පත්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන පිතිකරු ලහිරු තිරිමාන්න මේ වනවිට ඉන්දීය දගපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් දවාගත් ජාත්‍යන්තර කඩුලු ගොන්නේ වැඩිම දැවියෑම් ගණනකට හසුවූ පිතිකරුවා බවට පත්ව ඇත.
මේ දිනවල ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 9ක් ලබාසිටි ලහිරු තිරිමාන්න අශ්වින්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී යෑමට ලක්වූ අතර එම දැවී යෑම රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දු හමුවේ ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරගයකදී දැවී ගිය 12වැනි වතාව ලෙස සටහන් විය.
ඒ අනුව තිරිමාන්න මේ වනවිට එක්දින තරගවලදී 6 වතාවකුත්, ටෙස්ට් තරගවලදී 5 වතාවකුත් සහ විස්සයි -20 තරගවලදී එක් වතාවකුත් අශ්වින්ගේ පන්ද හමුවේ දැවී යෑමට ලක්ව තිබේ.
අශ්වින්ගේ පන්දු හමුවේ දෙවැනි වැඩිම වාර ගණනක් ගොදුරුවී ඇති පිතිකරුවා වන්නේ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්ය (11 වතාවකි).මීට අමතරව එංගලන්තයේ ඇලිස්ටයාර් කූක් (9), කොදව් ඩැරන් බ්‍රාවෝ (9) සහ එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් (9) බැගින් දැවී යෑමට ලක්ව තිබේ.