‌මතුගම ආනන්දයේ ඉසුරුගෙන් නව තරග වාර්තාවක්

isuru bans abewardana

පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගනයේදී නිමවූ  2017 ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී වයස අවුරුදු 15න් පහළ මීටර් 400 ඉසව්ව නියෝජනය කළ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞෂල්‍ය බාන්ස් අබේවර්ධන තත්.51.1 ක කාලයක් සටහන් කරමින් එම ඉසව්වේ නව තරග වාර්තාවක්ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

එහිදී ඉසුරු අබේවර්ධන යාවත්කාලීන කරනු ලැබූවේ 2013 වසරේදී කැළණිය ගුරුකුල විද්‍යාලයේ සුපුන් නිමංෂ විසින් තත්.52.29ක් ලෙස තබා තිබූ තරග වාර්තාවය.

එසේම ඉසුරු නිමාවූ ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී වයස අවුරුදු 16න් පහළ මීටර් 400 ඉසව්ව තත්.52.49 කින් අවසන් කරමින් එම රන් පදක්කමද දිනා ඇති දක්ෂ ක්‍රීඩකයෙකි.