නව දිල්ලි ක්‍රීඩාංගණය විෂ දුමාරයකින් වැසෙයි. ලක්මාල් සහ ලහිරු ස්වසන ආබාධයන්ට ලක්වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දිවා ආහාරයෙන් පසුව ක්‍රීඩාංගණයේ වායු ගෝලයට යම් විෂ දුමාරයක් එක් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැඩි අපහසුතාවයට ලක්වූ ආකාරයක් දිස් විය.
දිවා ආහාරයෙන් පසුව පන්දු රැකීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පන්දු රක්න්නන් සියලු දෙනා ස්වසන ආවරණ පැළද ක්‍රීඩාංගණයට පැමිණෙනු දුටු අතර වේග පන්දු යවන සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ ස්වසන ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ක්‍රීඩාපිටියෙන් ඉවත් වනු දක්නට ලැබිණි.
කෙසේවෙතත් මේ පිළිබදව පිටියේ විනිසුරුවරුන් දැනුවත් වීමෙන් අනතුරුව තරග තීරක ඩේවිඩ් බූන්ද දැනුම්වත් කළ අතර මිනිත්තු 15ක පමණ සාකාච්ඡාවකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ විරෝධය මැද තරගය යළි ආරම්භ විය.