Home CRICKET අපිත් ක්‍රිකට් නීති හොදට දන්නවා.. ශ්‍රී ලංකා ක්‍රිකට්, ඉන්දීය මාධ්‍ය කරුවන්ට පිළිතුරු...

අපිත් ක්‍රිකට් නීති හොදට දන්නවා.. ශ්‍රී ලංකා ක්‍රිකට්, ඉන්දීය මාධ්‍ය කරුවන්ට පිළිතුරු දෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනයේදී දිල්රුවන් පෙරේරාගේ දැවී යෑම පිළිබදව ඉන්දීය මාධ්‍ය කරුවන් එල්ල ‌කරන චෝදනා ප්‍රතික්ශේප කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

උපුටා ගැනීම

සමාජ මාධ්‍යයන් ඔස්සේ සහ විවිධ පාර්ශවයන් සිදුකරනු ලබන කටකතා සහ උපකල්පනයන්හි සදහන් වන පරිදි ක්‍රීඩක විවේකාගාරය වෙතින් කිසිදු පණිවුඩයක් දිල්රුවන් පෙරේරා‌ගේ දැවී යෑම සම්බන්ධයෙන් ඉදිරිපත් කර නොමැති බව වගකීමෙන් දන්වා සිටී.

එම තරගයේදී ශී ලංකා කණ්ඩායම හට පැවැති DRS සමාවලෝචනයන් සංඛ්‍යාව අවසන් වී ඇති බව වරදවා වටහා ගනිමින් දිල්රුවන් පෙරේරා ක්‍රීඩාගාරය වෙත හැරි යෑමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ අනෙක් අන්තයේ පිතිකරු වූ රංගන හේරත් විසින් පිටියේ විනිසුරු නයිජල් ‌ලෝන් මහතාගෙන් කරුණු විමසීමේදී ශ්‍රී ලංකාව හට සමාලෝචනයන් ඉතිරි වී අැති බව දැනගන්නට ලැබී ඇත.

ඒ අනුව දිල්රුවන් සිය දැවීයාම පිළිබඳව සමාවලෝචනයක් ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සෑම ක්‍රීඩකයකු සහ නිලධාරියකු
විසින්ම ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සහ රෙගුලාසි වලට අනුගත
වෙමින් කටයුතු කිරීමට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍යය රැක ගනිමින්
ජාත්‍යන්තරව පිළිගත් ආචාර ධර්ම හා මූලධර්ම වලට අනුව කටයුතු කිරීමට බැඳී
සිටින බව වැඩිදුරටත් අවධාරණය කර සිටි.

උපුටා ගැනීම අවසන්

එම තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දිල්රුවන් පෙරේරා‌ කඩුල්ල මුවා කිරීමේ වරදට පිටියේ විනිසුරු විසින් දැවීයෑමක් ලෙස සටහන් කළ අතර එම අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට DRS සමාලෝචන ඉතිරිව නොමැති බවට වටහා ගත් දිල්රුවන් ක්‍රීඩා ගාරයට යෑමට හැරී පියවර කිහිපයක් ගොස් නැවත හැරී විනිසුරුගෙන් ලබාදුන් තීන්දුව සමාලෝචනය කරන මෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීමෙන් දිල්රුවන්‌ දැවී නොගිය ක්‍රීඩකයකු ලෙස විනිසුරු තීන්දුව ආපසු හැරවීය.