පළමු ටෙස්ට් තරගයේදීම ඇන්ජි සහ තිරිමාන්නගෙන් සුපිරි දස්කම්

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී මේ දිනවල පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයත් අයහපත් අලෝක තත්ත්වය යටතේ නවත්වන විට ප්‍රබල ස්ථානයක සිටින ශ්‍රී ලංකාව ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 172කට පිළිතුරු වශයෙන් කඩුලු 4ක් දැවී ලකුණු 165ක් ලබා සිටී.

එහිදී ශ්‍රී ලංකා පලමු ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න සහ ඇන්ජලෝ මැතිව්ස් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක වටිනා සබදතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර තරගය නිමා කරන විට නොදැවී කඩුල්ල‌ේ රැදී සිටින චන්දිමාල් ලකුණු 13ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 14ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටී.

ඉන්දියා පළමු ඉනිම – 172

චෙතේශ්වර් පුජාරා 52

රිදීමාන් සහා          29

සුරංග ලක්මාල් කඩුලු 4ක් බිද හෙලද්දී, දසුන් ශානක, ලහිරු ගමගේ සහ දිල්රුවන් පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – 165/4

සදීර සමරවික්‍රම    23

ලහිරු තිරිමාන්න 52

ඇන්ජලෝ මැතිව්ස් 51

බුවනේශ්වර් කුමාර් සහ උමේශ් යාදව් කඩුලු 2 බැගින් දවා ගත්හ.