Home CRICKET ඇමතිටත් නොකියා ඉන්දියාවට යන්න ගිය තිසර ප්‍රමුඛ එක්දින කණ්ඩායම ආපසු ගෙදර යවයි

ඇමතිටත් නොකියා ඉන්දියාවට යන්න ගිය තිසර ප්‍රමුඛ එක්දින කණ්ඩායම ආපසු ගෙදර යවයි

ලබන දෙසැම්බර් 10 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත ඉන්දියා – ශ්‍රී ලංකා එක්දින තරගාවලියට සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ඊයේ රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්වීම සදහා බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අණින් ඔවුන් නැවත හරවා ගෙදර යැවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මෙරට ක්‍රීඩා නීතිය අනුව ජාතික කණ්ඩායමක් විදේශ සංචාරයකට නම් කරන්නේ නම් ඒ සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතුව ඇති නමුත් මෙවර ඉන්දියාවට යැවීම සදහා නම් කළ එක්දින සංචිතය සදහා එවැනි ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබා නොගැනීම මෙලෙස ගුවන් තොටට පැමිණි කණ්ඩායම නැවත හරවා යැවීමට හේතු වී ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් නම් එක්කළ එක්දින සංචිතයට තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, අකිල ධනංජය,‌ ‌‌ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් ඇතුලත් වන බව ඇතැම් මාධ්‍ය වාර්තා වළ දැක් වුවත් එවැනි නිළ නිවේදනයක් මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නිකුත් කර නොමැත.‌ කෙසේවෙතත් එම කණ්ඩායමට අනුව එක්දින සංචිතයට ඇතුලත් ක්‍රීඩකයන් රැසක් මේ වන විටත් ඉන්දියාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්ව සිටින හෙයින් සෙසු පිරිස ඊයේ රාත්‍රියේදී ඉන්දියාව බලා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය සැරසී තිබේ.
ඒ අනුව ඊයේ රාත්‍රි 12.30ට පමණ දිල්ලිය බලා පිටත්ව යන ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටත්ව යෑමට ගුවන් ‌තොටට පැමිණි කණ්ඩායමට තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න , චතුරංග ද සිල්වා, සචිත් පතිරණ , අකිල ධනංජය, දුශ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයෝ 9දෙනකු ඇතුලත්ව සිටි බව වාර්තා වේ.