ශ්‍රී ලංකා ඉන්දීය එක්දින තරග සැලසුම් වෙනස් වෙයි

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 ආරම්භ කරන වේලාවන් වෙනස් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන දෙසැම්බර් 10 (ධරම්ශාලා හිදීත්) සහ 13 වනදා (මොහාලි හිදීත්) පස්වරු 1.30ට ආරම්භ කිරීමට නියමිතව තිබූ තරගාවලියේ පළමු එක්දින තරග ශ්‍රී ලංකා වෙලාවෙන් පෙ.ව.11.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වෙන මෙම තරග නියමිත වේලාවට පැය 2කට කළින් ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික ශීත කාළගුණය බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අණාවරනය කරයි.