ඉයන් බිෂොප් ලක්මාල්ගේ නාමය ලොව සුපිරි පන්දුයවන්නන්ගේ ලැයිස්තුවට එක්කරයි

මේ දිනවල ඉන්දියාව සහ ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ලොව සුපිරි වේගපන්දු යවන්නන්ගේ ලැයිස්තුව අතර කියැවිය යුතු නමක් බව බටහිර ඉන්දීය කොදෙව් හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම ක්‍රීඩක විස්තර විචාරකයකු වන ඉයන් බිෂොප් තම ට්විටර් ගිණුමේ සදහන් කර තිබේ.
එහිදී වැඩි දුරටත් කරුණු දක්වා අැති බිෂොප් ලක්මාල් මේ වනවිට ලොව සුපිරි වේගපන්දු යවන්නන්ගෙ ලැයිස්තුවේ නැති ක්‍රීඩකයෙක්.නමුත් ඔහු පසුගිය මාස 12 ක කාලය තුළ පන්දු යැවූ ආකාරය දෙස බලන විට ඔහු එම ලැයිස්තුවට පැමිණිය යුතු යැයි මා සිතනව.යැයිද පවසයි.
එම තරගයේ ආරම්භක පන්දුවේදීම ඉන්දීය ආරම්භක පිතිකරු ලොකේශ් රාහුල් දවාගත් ලක්මාල් ඉන්දීය නායක විරාත් කෝලි (ලකුණු 0) සහ ශිකර් ධවාන් ඇතුළු කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය.