Home ATHLETICS කෙටි දුර ධාවන ශූරියට වසර 10ක තහනමක්

කෙටි දුර ධාවන ශූරියට වසර 10ක තහනමක්

නයිජීරියානු කෙටි දුර ධාවන ශූරී බෙලෙසින් ඔකාග්බරේගේ තහනම් උත්තේජන නීති කිහිපයක් උල්ලංඝනය කිරීම හේතුවෙන් වසර 10ක තහනමක් පනවයි. මලල ක්‍රීඩා ඒකාග්‍රතා ඒකකය (AIU) පවසන්නේ 33 හැවිරිදි ඇයට තහනම් ද්‍රව්‍ය කිහිපයක් භාවිත කිරීම හේතුවෙන් වසර පහක තහනමක් පැනවූ අතර, විමර්ශනයට සහයෝගය නොදැක්වීම හේතුවෙන් තවත් වසර 5ක් තහනම් කර ඇති බවය. ටෝකියෝ ඔලිම්පික් උලෙළ අතරතුර මත්ද්‍රව්‍ය පරීක්‍ෂණයකින් අසමත් වීම නිසා ඔකාග්බරේගේ තහනමට ලක් විය. ඇය මෙයට පෙර ඔලිම්පික් උලෙළේ දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් අතර, මීටර් 200 සහ දුර පැනීමේ ලෝක ශූරතා පදක්කම් ද දිනාගෙන ඇත. ඇය පසුගිය ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී මීටර් 100 කාන්තා ඉසව්වේ මූලික වටය තත්පර 11.05කින් නිම කළාය.