Home CRICKET හැඩ්ලී සහෝදරයන්ගෙන් පසු ටොම් සෑම් අයිය මලෝ ලොව තුන්වන තැනට

හැඩ්ලී සහෝදරයන්ගෙන් පසු ටොම් සෑම් අයිය මලෝ ලොව තුන්වන තැනට

කෝසල ගමගේ
පසුගියදා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති 20 විස්ස තරග මාලාවේදී එංගලන්ත කණ්ඩායමේ ආරම්‍භක පන්දු යවන්නන් යුගලය වූ ටොම් කරන් සහ සෑම් කරන් අයිය මලෝ යුගළය ලොව 20 විස්ස තරග රටාවේ සහෝදරයින් දෙදෙනකු රටක් නියෝජන කරමින් ආරම්‍භක පන්දු යවනන්නන් ලෙස කටයුතු කළ තෙවන අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විය.
නමුත් එංගලන්තය නියෝජනය කරමින් එවැනි සහෝදර යුගළයක් ජාත්‍යන්තර තරගයක ආරම්භක පන්දු යවන්නන් වූ පළමු අවස්ථ‌ාව වූ අතර පළමු වරට මෙවැනි අවස්ථාවක් ජාත්‍යන්තර 20 විස්ස පිටියේ සිදුව ඇත්තේ 2013 වසරේදීය. ඒ ජෙම්ස් සහ ‌ශෙම් එන්ගොචේ යන සහෝදර වරුන් කෙන්යාව නියෝජනය කරමින් ආරම්භක පන්දු යවන්නන් ලෙස කටයුතු කර ඇති අතර පසුව 2015 වසරේදීද ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් අෆ්තාබ් අලාම් සහ කරිම් ශදික් යන සහෝදරවරුන් මෙලෙස ආරම්‍භක පන්දු කරනයේ නියැලී ඇත.
තවද 1973/74 වර්ෂයන්ට අදාළව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියකදී නවසීලන්තය නියෝජනය කරමින් රිචඩ් හැඩ්ලි සහ ඩේල් හැඩ්ලි සහෝදර යුගළයද ආරම්භක පන්දු යවන්නන් ලෙස කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

 

Brothers Dayle Hadlee, Barry Hadlee and Richard Hadlee of New Zealand before the World Cup warm-up match between New Zealand and Sri Lanka at The Saffrons, Eastbourne, 31st May 1975. (Photo by Patrick Eagar/Popperfoto via Getty Images/Getty Images)