Home CRICKET වසර 10කට පසු ලංකාවෙන්ම නැවතත් පාකිස්ථානයට ටෙස්ට් වරම්

වසර 10කට පසු ලංකාවෙන්ම නැවතත් පාකිස්ථානයට ටෙස්ට් වරම්

කෝසල ගමගේ

වසර 10කට පසු නැවත වරක් පාකිස්ථානයට ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියක් ලබාදෙමින් ලබන දෙසැම්බර් මස ශ්‍රී ලංකා කණ්ඩායම පාකින්ථානයේ සංචාරය කිරීමට කටයුතු යොදා ඇත.
මෙම තරගාවලිය ටෙස්ට් තරග 2කින් සමන්විත ‌වන අතර පළමු තරගය දෙසැම්බර් 11 වැනිදා රාවල්පින්ඩි හිදීත් දෙවන තරගය දෙසැම්බර් 19 වැනිදා කරච්චි නගරයේදීත් ආරම්භවීමට නියමිතව ඇත.
දෙරට අතර පෙර පැවැති සාකච්ඡා අනුව මෙම තරගාවලිය පසුගිය ඔක්තොම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් ආරක්ෂක හේතූන් මත තරගාවලිය දෙසැම්බර් මස පැවැත්වීමට තීරණය කෙරිණි.
මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා “පසුගියදා පාකිස්ථානයේ නිමාවූ විස්සයි විස්ස තරගාවලියට ලබාදී තිබූ ආරක්ෂාව පිළිබදව අපි සතුටු වෙනවා. ඒ අනුව අපි තීරණය කළා නැවත පාකිස්ථානයට යන්න.“යනුවෙන් ප්‍රකාශ කර ඇත.