Home BOXING ‌ලාංකීය ගම්බද බොක්සිං ශූරියන් දෙන්නෙක් ඉන්දියාවට යයි

‌ලාංකීය ගම්බද බොක්සිං ශූරියන් දෙන්නෙක් ඉන්දියාවට යයි

2018 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ‌ හෙට (නොවැම්බර් 19) සිට නොවැම්බර් 26 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහාටි හි පැවැත්වෙන ජාත්‍යන්තර බොක්සිං කවුන්සිල (AIBA) යොවුන් කාන්තා බොක්සිං ශූරතාවලියට සහභාගී වීම සදහා මදුමාලි ප්‍රියදර්ශනී සහ ‌ සෙව්වන්දි ප්‍රනාන්දු යන ක්‍රීඩිකාවන් දෙදෙනා පසුගියදා ඉන්දියාව බලා පිටත්ව ගියාය.

මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම වයස අවුරු 17  යන වයස් කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලෙබුුවල මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන මදුමාලි කිල‌ෝග්රෑම් 45-48 බර පංතියත්, මහනුවර දිස්ත්‍රික්කයේම කෙන්ගල්ල මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන සෙව්වන්දි කිලෝග්රෑම් 48-51 බර පංතිය නියෝජනය කිරීමට නියමිතය.

 

සෙව්වන්දි ප්‍රනාන්දු

 

මදුමාලි ප්‍රියදර්ශනී