Home CRICKET ‘මටත් බිරිඳ එන්න එපා කිව්වා’ – අසන්ත ද මෙල් කියයි

‘මටත් බිරිඳ එන්න එපා කිව්වා’ – අසන්ත ද මෙල් කියයි

පාකිස්තාන් සංචාරය ප‍්‍රතික්ෂේප කළ ක‍්‍රීඩකයන්ට යළිත් කණ්ඩායමට පැමිණීමේදී ගැටලූවක් ඇති බව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තද මැල් පවසයි. එහිදී දක්ෂතා දක්වන ක‍්‍රීඩකයන්ව එළියෙ තබා ආපු නැති කට්ටියව ඇතුළට දැමිය නොහැකි බවද ඔහු අවධාරණය කර සිටියි.
‘ආපු නැති කට්ටියට හොඳ අභියෝගයක් දෙන්න මේ ක‍්‍රීඩකයන්ට පුළුවන්. අපිට හොඳ විස්සක් ඉන්නවනම් මම හොඳම එකොළෙහ තෝරනවා. ආපු නැති කට්ටිය යම් කිසි පෞද්ගලික හේතුවක් මත ආවේ නැහැ. නමුත් තමුන් තේරුම් ගත යුතුයි ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදි තමන්ගේ තැන වෙන කාට හරි දෙනවනම් ඒ අයට අවධානමක් තියෙනවා කියලා. ඒ අයගේ ස්ථානයට කී‍්‍රඩා කරන අය හොඳට කළොත් සමහරක් විට හිටපු එක්කෙනාට ගැටලූවක් වෙන්න පුළුවන්.’
‘‘මෙතන ප‍්‍රශ්නය තියෙන්නෙ ගහන ක‍්‍රීඩකයාගේ නෙමෙයි. ඒ අයගෙ බිරිඳ සහ දෙමව්පියන් තමයි අකමැති වෙලා තියෙන්නෙ. පෞද්ගලිකව මම එනවටත් මගේ බිරිඳ කැමැති වුණේ නැහැ. නමුත් තේරීම් කමිටු සභාපතිවරයා විදිහට මම කණ්ඩායමක් තෝරලා මම එන්නෙ නැතිනම් ඒක හරි නැහැ. ඒ නිසා ස්ථානය වෙන අයට දෙන ඒකේ අවධානම ඒ ක‍්‍රීඩකයන් බාරගත යුතුයි.’’
‘ආපු නැති කට්ටියගෙන් තිසර, චන්දිමාල් හිටියෙ නැහැ. කුසල් මෙන්ඩිස්ට කොහොමත් මේ තරගාවලිය ගහන්න බැහැ ආබාධය නිසා. එහෙම බැලූවාහම හතර පස්දෙනෙක් තමයි අඩු වුණේ. ඒක කණ්ඩායමට පාඩුවක් වුණාට අනිත් පැත්තෙන් බැලූවහම ඒක හොඳ අවස්ථාවක්. අපේ සංයුතිය බැලූවහම තේරීම් කමිටු සභාපතිවරයා විදිහට මට සතුටු වෙන්න පුළුවන් ආදේශ කී‍්‍රඩකයන් ඉන්න එක ගැන. ළමයින් ටික බලන්නෙ හොඳට සෙල්ලම් කරන්න. ඒ අයට ලබාදුන්න අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න.’’