ආසියානු ක්‍රිකට් කවුන්සිල නැගී එන කණ්ඩායම් අතර තරඟාවලිය හෙට

ආසියානු ක්‍රිකට් කවුන්සිල නැගී එන කණ්ඩායම් අතර තරඟාවලිය හෙට (14) ආරම්භ වෙයි.

බංග්ලාදේශයේදී පැවැත්වෙන තරඟාවලිය සදහා කණ්ඩායම් 8 ක්තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, ඕමානය, හොංකොං සහ එක්සත් අරාබි එමිර් යන කණ්ඩායම් තරඟ වදින එම තරඟාවලිය හෙට සිට ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

තරඟාවලියේ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහභාගී වන පළමු තරගය ඕමාන කණ්ඩායම සමඟ හෙට පැවැත්වෙයි.