Home CRICKET නායකයාටත් හොරෙන් බංග්ලාදේශ ක‍්‍රීඩකයන්ගෙන් කැරැල්ලක්

නායකයාටත් හොරෙන් බංග්ලාදේශ ක‍්‍රීඩකයන්ගෙන් කැරැල්ලක්

බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මස්රාෆි මොර්ටාසාටත් හොරෙන් බංග්ලාදේශ ක‍්‍රීඩකයන් කැරැුල්ලක් ගසමින් ක‍්‍රිකට් ස්ට‍්‍රයික් කර තිබේ. ඊට හේතුව ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ප‍්‍රධාන ඉල්ලීම් 11 ක් මුල් කර ගැනීමයි.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක‍්‍රිකට් නායක මෂ්රාෆ් මොර්ටාසා පවසන්නේ මේ වර්ජනය සම්බන්ධයෙන් තමන් දැනගත්තේ මාධ්‍යයෙන් බවයි.
‘‘ඇත්තටම ඔවුන් මේ ගැන කතා කරමින් සිටියා. නමුත් මේ වර්ජනයේදී මා ඔවුන් සමග නොසිටියේ ඇයි කියලා මම ඔවුන්ගේ විමසුවා. මම මේ සම්බන්ධව දැනගෙන හිටියේ නැහැ. මමත් දැනගත්තේ මාධ්‍යයෙන්. මා සැමවිටම ක‍්‍රීඩකයන් සමග හිටියා. එ්ත් මේ සිද්ධිය මා දැනුවත් නොවීම ප‍්‍රශ්නයක්. ඔවුන් කරුණු 11 ක් මුල්කරගෙන තියෙන ඉල්ලීම සාධාරණයි.’’ යනුවෙන් බංග්ලාදේශ ක‍්‍රිකට් නායකයා පවසයි.

‘‘ක‍්‍රීඩකයන් මේ කළ කටයුත්ත බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය ‘බ්ලැක්මේල්’ කළා වගේ වැඩක්. ඔවුන්ට මාධ්‍යට යෑමට පෙර මේ කටයුත්ත අප සමග සාකච්ඡුා කිරීමට තිබුණා. ක‍්‍රීඩකයන් මේ සම්බන්ධයෙන් මෙතරම් කලකිරීමකින් ස කෝපයකින් ඉන්නා බව අපට දැනගන්න ලැබුණේ නැහැ. මේ වැඩ වර්ජනය පසුපස කුමක් හෝ වෙනත් දෙයක් ඇතැයි අපි විශ්වාස කරනවා.’ යැයි බංග්ලාදේශ ක‍්‍රිකට් අධ්‍යක්ෂ ජලාල් යුනුස් පවසයි.
බංග්ලාදේශ කණ්ඩායම ලබන 03 වැනිදා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර ඊට පෙර පැය 48 ක් ඇතුළත අදාළ ප‍්‍රශ්නයට සාකච්ඡුා මාර්ගයෙන් විසදුම් සෙවීමට බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධානීන් සාකච්ඡුා වට කිහිපයක නිරත වෙමින් සිටියි.