එක්දින තරගාවලි ජය බංග්ලාදේශ A පිළට…..

ශ්‍රී ලංකා ඇ කණ්ඩායම 3 වන එක්දින තරගයේ දී ඩක් වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 98 කින් පරාජයට පත් කළ බංග්ලාදේශ A කණ්ඩායම එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් වුනා.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඇ පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 322 ක් ලබාගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බංග්ලාදේශ A ආරම්භක පිතිකරු සයිෆ් හසන් පන්දු 110කදී ලකුණු 117 ක් රැස් කලේ 6පහර 3ක් සහ 4 පහර 12 ක් සමගින්.
ශ්‍රීලංකා ‍A යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු ලකුණු 50කට කඩුලු 4 ක් ලබාගත්තා.

තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ලවු අතර ශ්‍රීලංකා යොවුන් පිතිකරුවන්ට ඒ අනුව පන්දුවාර 24යි පන්දු 4 ක් තුළදී ලබාගත හැකිවුයේ ලකුණු 130 ක් පමණයි.

ඒ වනවිට ශ්‍රී ලංකා A පිතිකරුවන්ට 6දෙනෙකු ක්‍රීඩාගාරය වෙත යැවීමට බංග්ලාදේශ ඇ පන්දු ‍යවන්නන් සමත්ව තිබුනා.

ඒ අනුව බංග්ලාදේශ A පිළට ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව තුන්වන එක්දින තරගයෙන් ලකුණු 98 ක ජයක් හිමිවුනා.

ශ්‍රී ලංකා A ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු කමිදු මෙන්ඩිස් ලකුණු 55 ක් ලබාගත්තා.

පිත්තෙන් ශතකයක් ලබාගත් සයිෆ් හසන් පන්දුවෙන් ද ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගත්තා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රීලංකා A පිළ ජයගත් අතර දෙවන තරගය බංග්ලාදේශ A පිළ ජයගත්තා.