Home CRICKET බංග්ලාදේශයත් ‘හතුරුව’ කපා දමයි, අලූත් කෙනා රසල්

බංග්ලාදේශයත් ‘හතුරුව’ කපා දමයි, අලූත් කෙනා රසල්

කෝසල ගමගේ

පුරප්පාඩුව තිබූ බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහ සමග සාකච්ඡුා කරන බවට එරට ක‍්‍රිකට් සභාපතිවරයා පවසා සිටියද ඔවුන් හතුරුසිංහව නොසලකා හරිමින් අදාළ තනතුර දකුණු අප‍්‍රිකාවේ රසල් ඩොමින්ගෝට ලබාදී තිබේ.
ශ‍්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයෙන් හතුරුසිංහව ඉවත් කිරීමෙන් පසුව ඔහුව සලකා බලන බව මීට පෙර බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධානියා මාධ්‍ය හමුවේ පැවසීය. නමුත් හතුරුසිංහට වඩා ඩොමින්ගෝ කෙරෙහි බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය විශ්වාසය තබමින් වසර දෙකකට කාලයක් සඳහා ඔහු සමග කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කර තිබේ.
44 වැනි වියේ පසුවන රසල් ඩොමින්ගෝ ජාත්‍යන්තර හෝ පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කර නොමැත. නමුත් ඔහු වසර විස්සකට වැඩි කාලයක් ක‍්‍රිකට් පුහුණුකරුවකු වශයෙන් සේවය කරමින් අත්දැකීම් ලබා තිබේ. 2013 වසරේ සිට 2017 දක්වා දකුණු අප‍්‍රිකාවේ පුහුණුකරු වශයෙන්ද ඩොමින්ගෝ කටයුතු කර තිබේ.
‘මම බංග්ලාදේශ කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ දියුණුව සහ ඔවුන්ගේ දක්ෂතා දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ ඔවුන්ගේ දියුණුව දිහා මම ඕනෑ කමින් බලාගෙන හිටියා. ඒ වගේ කණ්ඩායමක් පුහුණු කිරීමට ලැබීම සතුටක්. ඔවුන්ගේ ඉලක්ක වලට මම උපරිම දායකත්වය ලබාදෙනවා.’’ යැයි ඩොමින්ගෝ අදාළ තනතුර භාර ගැනීමෙන් පසුව පැවසීය.