Home CRICKET BPL පිටියේ සුපිරි තරුව තිසර පෙරේරා යලිත් වැඩ පෙන්වයි. – video

BPL පිටියේ සුපිරි තරුව තිසර පෙරේරා යලිත් වැඩ පෙන්වයි. – video

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවැති තරඟයකින් ජය ගන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා. මෙහිදී වඩාත් සුවිශේෂි කාරණය නම් ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ගේ විශිෂ්ඨ දස්කම් හේතුවෙන් වික්ටෝරියන්ස් කණ්ඩායමට ජය ගෙන ඒමයි.

කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම හා ඩකා ඩයිනමයිට් කණ්ඩායම අතර පැවැති මෙම තරඟයෙන් ඉතා තියුණු තරඟයකින් අනතුරුව වික්ටෝරියන්ස් කණ්ඩායම ජයගත්තේ ලකුණු 07කින්. මෙම තරඟයේ කැපී පෙනෙන සිදුවීම නම් තිසර පෙරේරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වීමයි.
සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට ක්‍රීඩා කල තිසර පෙරේරා පන්දු 12 කට මුහුණ දෙමින් හයේ පහරවල් 3ක් සමඟින් වේගවත් ලකුණු 26 ක් ලබා ගත්තා. අවාසනාවකට ඔහු දුවද්දී දැවී යෑමකට අසු වුණා. පන්දු යැවීමෙන්ද තිසර තමන්ගේ සුපුරුදු  දක්ෂතා මැනවින් ඔප්පුකොට පෙන්වූයේ ලකුණු 14 කට කඩුලු 03 ක් බිඳ හෙලමින්. ඒ අනුව තිසර පෙරේරා තරඟයේ වීරයා සම්මානයද දිනා ගනු ලැබුවා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඩකා ඩයිනමයිට් කණ්ඩායමේ ආරාධනයෙන් පලමුව පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 08 කට ලකුණු 154 ක් රැස් කිරීමට සමත් වුණා. වික්ටෝරියන්ස් කණ්ඩායමේ ෂම්සුර් රෙහේමාන් පන්දු 35 ක් තුල ලකුණු 48 ක් රැස් කල අතර තමිම් ඉක්බාල් පන්දු 29 කදී ලකුණු 34 ක් ලබා ගත්තා.පන්දු යැවීමේදී ශකීබ් අල් හසන් කඩුලු 03 ක් හා ඇන්ඩ්රේ රසල් කඩුලු 02ක් බිඳ හෙලනු ලැබුවා.
ලකුණු 155 ක ජයග්‍රාහී ඉලක්කය හඹ යෑමට පිටියට පිවිසි ඩකා ඩයිනමයිට් පිලට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. ඩකා ඩයිනමයිට් කණ්ඩායමේ ඇන්ඩ්රේ රසල් වේගවත් පිතිහරඹයක යෙදෙමින් පන්දු 24 කදී හයේ පහරවල් 06 ක් හා හතරේ පහරවල් 02 ක් සමඟින් ලකුණු 46 ක් ලබා ගත්තා.
ඇන්ඩ්රේ රසල් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කරා රැගෙන යන අවස්ථාවේ ක්‍රියාත්මක වූ තිසර පෙරේරා ඇන්ඩ්රේ ගේ වේගවත් පිතිහරඹය නිමාවට පත් කරනු ලැබුවා. එමෙන්ම තරඟයේ තීරණාත්මක පන්දු ඕවරය වූ 19 වැනි පන්දු වාරයේදී තම ප්‍රතිවාදීන්ට තිසර ලබා දුන්නේ එක් ලකුණක් පමනක් වීම විශේෂත්වයක්.

තරඟයේ විශෙශ්ෂ අවස්ථා පහතින්.

සටහන : නුවන් ජයතිස්ස