Home VOLLEYBALL 2019 වොලිබෝල් ලෝක කුසලානය බ්‍රසීලයට

2019 වොලිබෝල් ලෝක කුසලානය බ්‍රසීලයට

බ්‍රසීලය 2019 වොලිබෝල් ලෝක කුසලානය දිනා ගෙන තිබේ.

ඒ, ඉතාලිය පරාජය කරමිනි.

2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්විය.

එහි අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ බ්‍රසීලය සහ ඉතාලියයි.

බ්‍රසීලය 2016 රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය.

එවර අවසන් තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ද ඉතාලියයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී වට 3 ට 0 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට බ්‍රසීලය සමත් විණි.

ලකුණු තත්ත්වය දැක්වුණේ 25ට 20 ක්, 25 ට 22 ක් සහ 25 ට 15 ක් ලෙසයි.

බ්‍රසීලය මේ වන විට අවස්ථා 3 කදී වොලිබෝල් ලෝක කුසලානය දිනාගෙන සිටි.

ඒ, 2003, 2007 සහ 2019 වසරවලදී ය.