වනිඳු හසරංග සී.සී.සී. පිලට විස්සයි විස්ස ශූරතාව දිනා දෙයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක‍්‍රීඩා සමාජ පළමු පෙළ විස්සයි විස්ස ක‍්‍රිකට් ශූරතාවයේ අවසන් මහා තරගය ඊයේ (21 දා* එස්.එස්.සී. පිටියේදී පැවැති අතර එහිදී චිලව් මේරියන්ස් කණ්ඩායම පරාජය කිරීම වෙනුවෙන් තුන් ඉරියවෙන්ම දායක වු වනිඳු හසරංග වීරයා වෙමින් කඩුලූ 4 ක ජයක් සී.සී.සී. පිලට ලබා දීමට සමත් විය.
පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ චිලව් මේරියන්ස් කණ්ඩායම පන්දුවාරයකට දළ ලකුණු 8.25 ක වේගයෙන් සිය පන්දුවාර විස්ස අවසානයේදී ලකුණු ලබා ගෙන තිබුණි. එහෙත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වු ලකුණු 163 ක ඉලක්කය අවසන් පන්දුවේදී කඩුලූ හතරක් අතැතිව තිබියදී ලබා ගැනීමට සී.සී.සී. පිල සමත් විය.
අවසන් පන්දුව දක්වා තරගය තියුණු මුහුණුවරක් ගත් අතර චිලව් මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කමිඳු මෙන්ඩිස් (46* සහ නායක ෂෙහාන් ජයසුරිය (80* පමණක් සාර්තක පිති ප‍්‍රහාරයක නිරත වුවද සෙසු පිතිකරුවන් නව දෙනාම එකතුව ලබා ගත්තේ ලකුණු 35 ක් පමණි.
ෂෙහාන් ජයසුරිය පන්දු 52 කදී හතරේ පහර නවයක් සමග ලකුණු 80 ක් ලබා ගත් අතර කමිඳු මෙන්ඩිස් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර පහක් සමග ලකුණු 46 ක් ලබා ගත්තේය.
සී.සී.සී. කණ්ඩායම ජයග‍්‍රහණය කරා ඔසවා තැබීමට මිනෝද් භානුක (59* සහ වනිඳු හසරංග (60* වාර්තා කළ අර්ධ ශතක විශාල පිටිවහලක් විය. මිනෝද් භානුක අංක තුන පිතිකරුවා වශයෙන් පැමිණ පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 60 ක් ලබා ගත් අතර ජයග‍්‍රහණය වන තෙක් පිති ප‍්‍රහාරයේ නිරත වු වනිඳු හසරංග අංක හත පිතිකරුවා වශයෙන් පැමිණ පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 60 ක් ලබා ගත්තේය.
ලකුණු තත්ත්වය
චිලව් මේරියන් පන්දුවාර 20 කදී කඩුලූ 8 ට ලකුණු 162 යි. (කමිඳු මෙන්ඩිස් 46, ෂෙහාන් ජයසූරිය 80, පුෂ්පකුමාර 27/2, ළහිරු ගමගේ 30/2, නුවන් තුෂාර 17/1, වනිඳු හසරංග 31/1 යි.*
සී.සී.සී. පිල පන්දුවාර 20 කදී කඩුලූ 6 ට ලකුණු 165 යි. (මිනෝ්ද් භානුක 59, අශාන් ප‍්‍රියංජන් 14, වනිඳු හසරංග නොදැවි 60, එම්. ද සිල්වා නොදැවී 15, පුලින තරංග 24/2 යි.*