චන්දිමාල්ට තැනක් තියෙන්නෙ කඩුලූ රකින්න විතරයි – දිමුත් කියයි

හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට තියෙන්නේ කඩුලූ රැුකීමේ ස්ථානය බව වත්මන් නායක දිමුත් කරුණාරත්න පවසයි. ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර සිටියේ.
‘‘ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දෙන්නම ටෙස්ට් සංචිතයට ඇවිල්ලා ඉන්නවා. ඔවුන් දෙන්නා අවසන් 15 දෙනා අතරට හිටියොත් අනිවාර්්‍යයෙන් අපි සංයුතිය ගලපන හැටි බලලා තමයි ගේන්නෙ. ඇන්ජලෝ දකුණු අප‍්‍රිකානු සංචාරයට ක‍්‍රීඩා කළේ නැහැ. නමුත් චන්දිමාල් ක‍්‍රීඩා කළෙත් නැහැ. ඒ වෙනුවට ක‍්‍රීඩා කළ නවකයන් හොඳින් කී‍්‍රඩා කළා.’’ යැයි කරුණාරත්න පවසයි.
දිනේෂ් චන්දිමාල් පිතිකරුවකු වුවද ඔහුට වත්මන් ටෙස්ට් කණ්ඩායමේ ඇත්තේ කඩුලූ රැුකීමේ ස්ථානය බවද දිමුත් පවසයි. ‘‘චන්දිමාල් කණ්ඩායමට එනවනම් අනිවාර්්‍යයෙන්ම කඩුලූ රකින්නා විදිහට තමයි එන්නෙ. ඩිල්රුවන් පෙරේරාත් සංචිතයට නම් කරලා තියෙනවා. ඔහුට හොඳට ඇවිද්දට මම දන්නෙ නැහැ ඔහුට තිබුන අසනීපය 100% ක් හොඳද කියලා. ඒක තීරණය කරන්න ඕන භෞතචිකිත්සකවරයායි. අබාධායක් තියාගෙන ක‍්‍රීඩා කරලා මැදදි ඔහු කඩා වැටුනොත් කණ්ඩායමටම ඒක බලපානවා. කොහොමත් ඩිල්රුවන් නැති වුණත් අපිට අකිල සහ ලසිත ඇඹුල්දෙණිය ඉන්නවා.’’
ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.