මධ්‍යම පළාත් වොලිබෝ ශූරයෝ නුවරඑළියෙන්

ශූරියන් මාතලෙන්

අනුරුද්ධ හේරත් බණ්ඩාර
මධ්‍යම පළාත් වොලිබෝල් ශූරතාවයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට නුවරඑළිය දිස්ත‍්‍රික්කය සමත් වෙද්දී එම කාන්තා ශූරතාව දිනා ගැනීමට මාතලේ දිස්ත‍්‍රික්කය සමත් විය. මෙම තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

නුවරඑළිය සහ මහනුවර අතර පැවැති පිරිමි අවසන් මහා තරගයේදී තරග වට 3/1 ක ජයක් ලැබීම නුවරඑළිය ක‍්‍රීඩකයෝ සමත් වූහ. කාන්තා අවසන් මහා තරගයේදී තරග වට 3/0 කින් මහනුවර පිල පරාජය කිරීමට මාතලේ ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.
ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉදිරියේදී ක‍්‍රියාත්මක කෙරෙන 45 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව මධ්‍යම පළාත් ක‍්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.