සිලෝන් ක‍්‍රිකට් පදනමෙන් පාසල් ක‍්‍රිකට්වලට ජවයක්…..

දේශීය ක‍්‍රිකට් කී‍්‍රඩාවේ අනාගතය උන්නතිය වෙනුවෙන් වසර කිහිපයක් පුරා පාසල්වලට අතහිත දෙන සිලෝන් ක‍්‍රිකට් පදනම විසින් අඩු පහසුකම් සහිත පාසල් 12 කට ක‍්‍රීඩා භාණ්ඩ සහ ඇඳුම් ලබාදීම පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම ක‍්‍රිකට් භාණ්ඩ ප‍්‍රදානය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, හිටපු ශ‍්‍රී ලංකා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන නුවන් කුලසේකර සහ චාමර කපුගෙදරද සහභාගි වූහ. මීට අමතරව සිලෝන් ක‍්‍රිකට් පදනමේ නිලධාරීන්ද එම අවස්ථාවට එක්ව සිටියේය.
ඉකුත් වසර කිහිපයේදීම අදාළ පදනම විසින් ශ‍්‍රී ලංකාවේ අඩුපහසුකම් සහිත පාසල් පනහකට අධික සංඛ්‍යාවකට ක‍්‍රිකට් ක‍්‍රීඩාව කරගෙන යෑම සඳහා අවශ්‍ය උපකරණ සහ ඇඳුම් පැළඳුම් ලබාදී ඇති අතර ඉදිරියේදී තෝරාගත් පාසල්වලට එම සත්කාරය කිරීමට ඔවුන් පෙළ ගැසී සිටිති.