Home CRICKET චීන කෙල්ලන් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි.

චීන කෙල්ලන් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි.

පන්දුවාර විස්සයි විස්ස කාන්තා තරඟ ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම ලෙස චීන කාන්තා කණ්ඩායම ඊයේ(14) වාර්තා පොත් අතරට එක් උණා.

මේ දිනවල තායිලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරඟයේදීයි ඔවුන් මෙම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ඇත්තේ.
පලමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම කඩුලු 3ක් පමනක් දැවී ලකුණු 203ක් ලබා ගෙන ඇති අතර එහිදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් ඒෂා ඕසා පන්දු 62කදී හතරේ පහරවල් 13ක් සමඟින් ලකුණු 82ක් හා චායා මෝගල් පන්දු 38කදී ලකුණු 33ක් ලබාගෙන සිය කණ්ඩායම ශක්තිමත් තලයකට ඔසවා තැබීමට දායකත්වය ලබා දී තිබේ.
ජයග්‍රාහී 204ක ඉලක්කය හබා යෑමට පිටියට පිවිසී ඇති චීන කණ්ඩායමට පන්දුවාර 10ක් තුලදී සියළු දෙනාම දැවී ලබා ගැනීමට හැකි වී ඇත්තේ ලකුණු 14ක් පමනයි. චීන ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 04ක් ලබා ගෙන ඇත්තේ හන් ලිලී ක්‍රීඩිකාව පමණයි.
ඔවුන්ගේ මුළු ඉනිමම අවසන් වීමට ගතවී ඇත්තේ  මිනිත්තු 48ක් වැනි කෙටි කාලයක්.
මෙම තරඟයේදී එක්සත් අරාබි එමීර් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජය ගෙන ඇත්තේ ලකුණු 189කින්. එය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් විස්සයි විස්ස තරඟයකදී  වැඩිම ලකුණු සංඛ්‍යාවකින් තඟයක් ජයග්‍රහණය කිරීමේ වාර්තාව හිමිකම් කර ගනිමින්.

තරඟයේ ලකුණු පුවරුව පහතින්


සටහන : නුවන් ජයතිස්ස