Home CRICKET චමින්ද වාස් සහ ෂිරාන් ප‍්‍රනාන්දුට බංග්ලාදේශයේදී කොරෝනා සටනක්

චමින්ද වාස් සහ ෂිරාන් ප‍්‍රනාන්දුට බංග්ලාදේශයේදී කොරෝනා සටනක්

එක්දින තරගාවලියකට සහභාගි වීමට බංග්ලාදේශයට ගොස් සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ට සහ ෂිරාන් ප‍්‍රනාන්දුටද කෝවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී තිබේ.
අද දෙරට අතර පළමු එක්දින තරගය ධාකා හිදී ආරම්භ වීමට පැය තුනකට පෙර කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන්ගේ කෝවිඞ් පරීක්ෂණ ධනාත්මක වී තිබේ. කෙසේ වෙතත් තරගාවලිය අතර මැද නවතා දැමීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද බංග්ලාදේශ සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
යම් හෙයකින් කණ්ඩායමේ තවත් සාමාජිකයන්ට අදාළ වෛරසය වැළඳී තිබුණහොත් පමණක් තරගාවලිය නවතා දැමිම සම්බන්ධව තීරණයක් ගන්නා බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු සඳහන් කර සිටියේය. මේ වන විට චමින්ද වාස් ඇතුණු කෝවිඞ් ආසාධනය වූ ක‍්‍රීඩකයන් දෙදෙනා ස්වයං නිරෝධානයකට යටත් කර තිබේ.