Home CRICKET හතුරුසිංහව පඩි නැතිව ගෙදර යවයි

හතුරුසිංහව පඩි නැතිව ගෙදර යවයි

හතුරුසිංහව පඩි නැතිව ගෙදර යවයි
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා චන්දික හතුරුසිංහට සිය කොන්ත‍්‍රාත්තුවේ ඉතිරි වැටුප් නොගෙවා ගෙදර යෑමට සිදුව තිබේ. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඔහුගේ කොන්ත‍්‍රාත්තුව අහෝසි කර තිබීම හේතුවෙනි.
මාසයකට ලක්ෂ 70 ක වැටුපකට වසර තුනක කොන්ත‍්‍රාත් කාලයක් පුහුණුකරු ධුරයට පත්වු චන්දික හතුරුසිංහගේ දුර්වලතා හේතුවෙන් ඔහුව ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉවත් කරන ලදී. එහිදී ඔහුට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දක්ෂතා ඉහළ නැංවීමේ පුහුණු ආයතනයේ පුහුණුවීම් කිරීමට පැවරුවද ඔහු එම රාජකාරිය පැහැර හැර තිබුණි.
ඒ අනුව ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ ඔහුට නිකරුණේ වැටුප් නෙගෙවා ගෙදර යෑමට සලස්වන ලෙසයි. ‘‘හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුව අවසන්. එයාට තව අවුරුද්දක් තියෙනවා කිව්වාට ඒවාට සල්ලි ගෙවන්නෙ නැහැ. ඕන නම් නඩු දාලා එයාට තීරණයක් ගන්න පුළුවන්. ඔය සම්බන්ධව නඩු දාන්න මෙහෙ උසාවිවල බැහැ. විදෙස් උසාවියක් තියෙනවා වෙනම ඔය සම්බන්ධව කටයුතු කරන්න. එහෙ ගිහිල්ලා තීරණයක් අරන් එනකොට අපි ඊළඟ ලෝක කුසලානත් දිනා තියේවි.’’ යැයි ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.