Home CRICKET ටෙස්ට් සංචිතයට චන්දිමාල් එයි

ටෙස්ට් සංචිතයට චන්දිමාල් එයි

Sri Lankan cricket captain Dinesh Chandimal gestures on the final day of a one-off Test match between Sri Lanka and Zimbabwe at the R Premadasa Cricket Stadium in Colombo on July 18, 2017. Sri Lanka beat Zimbabwe by four wickets after chasing a record 388 on the fifth and final day of the one-off Test. / AFP PHOTO / ISHARA S. KODIKARA (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

නවසීලන්තය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා අවසන් සංචිතය තෝරා ගැනීමට පෙර නම් කරන ලද මුළික සංචිතයට 22 දෙනෙකු ඇතුළත් කර තිබේ. ඒ අතරට පසුගියදා කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි හිටපු නායක දිනේෂ් චන්දිමාල්ටද ස්ථානයක් හිමිව තිබේ.
මෙම වසරේ පෙබරවාරි මාසයෙන් පසුව ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ දිනේෂ් චන්දිමාල් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වලද ස්ථානය අහිමි විය. නමුත් නවසීලන්තය සමග තරගාවලියට දිනේෂ් චන්දිමාල් නම් කර ඇති අතර ඔහු ටෙස්ට් තරග 53 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක 17 ක් සමග මුළු ලකුණු 3768 ක් ලබා තිබේ. එහි ඉනිමක සාමා්‍ය 41.86කි.
චන්දිමාල්ට අමතරව පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගත් අකිල ධනංජයද ටෙස්ට් සංචිතයට කැඳවා ඇති අතර ‘ඒ’ කණ්ඩායමේ දක්ෂතා දැක්වූ ෂෙහාන් ජයසුරිය, චාමික කරුණාරත්නද කණ්ඩායමකට එක්ව තිබේ. ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න බලාපොරොත්තු තබා සිටින ලසිත ඇඹුල්දෙණියද ටෙස්ට් සංචිතයට එක්කර ඇත. අදාළ 22 දෙනා අතරින් අවසන් සංචිතය තුන්දින පුහුණු තරගයෙන් පසුව නම් කිරීමට නියමිතය.
ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක*, ඇන්ජලෝ පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප‍්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත සහ අසිත ප‍්‍රනාන්දු