එල්.පී.එල්. ගහන කණ්ඩායම් මෙන්න….

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ඩුබායි අයි.පී.ජී. ආයතනය එක්ව සංවිධානය කරනු ලබන එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන කණ්ඩායම් පහේ සංචිතය මේ වන විට නම් කර තිබේ. ‘ප්ලේයර් ග‍්‍රාෆ්ට්’ ක‍්‍රමයට හෙවත් කුසපත් ඇදීමේ ක‍්‍රමයක් අනුව එය සකස් කර තිබේ.
ලොව සුපිරි විස්සයි විස්ස හපනුන් වන ක‍්‍රිස් ගේල්, සහිඞ් අෆ්රීඩි, කාලෝස් බ‍්‍රැත්වෙයිට්, ෆෆ් ඩූ ප්ලෙසිස්, ඇන්ඩෘ රසල් සහ උස්මාන් ෂිවාරි ඇතුළු විදෙස් ක‍්‍රීඩකයන් 22 ක් කණ්ඩායම් පහට ඇතුළත්ව තිබේ. මේ අතර ඬේව් වට්මෝර්, ජෝන් ලූවිස්, මොයින් ඛාන්, හෂාන් තිලකරත්න සහ තිළිණ කණ්ඩම්බිව කණ්ඩායම් පහේ ප‍්‍රධාන පුහුණුකරුවන් වශයෙන් පත්කර ඇත.
තරගාවලියේ නීති රීති අනුව එක් කණ්ඩායමකට උපරිම ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 20 ක් වන අතර එහිදී ඇතැම් කණ්ඩායම් විසින් නොවැම්බර් මස 1 වැනිදාට පෙර සිය සංචිතයේ අවශ්‍යතාවන් බලා තවත් විදෙස් ක‍්‍රීඩකයන් හෝ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් තෝරා ගැනීමට නියමිතව තිබේ. ලබන මස 13 වැනිදා සුරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති එල්.පී.එල්. තරගාවලිය දින 15 ක් තුළදී සමස්ත තරග 23 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම සියලූම තරග සූරියවැව සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණවලදී පමණක් පැවැත්වෙන අතර එය ජෛව ආරක්ෂිත ක‍්‍රමයක් අනූව තීරණය කර ඇත.
කොළඹ කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස්, ඇන්ඩි‍්‍ර රසල්, ෆෆ් ඩූ ප්ලෙසිස්, මන්ප‍්‍රීට් ගෝනි, මන්වින්ද්‍ර බිස්ලා, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපොන්සු, අශාන් ප‍්‍රියංජන, රවීන්ද්‍රපාල් සිං, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩ‍්‍රසි, තීක්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, නවෝද් පරණවිතාන, ඬේව් වට්මෝර් (පුහුණුකරු)
දඹුල්ල කණ්ඩායම
දසුන් ශානක, ඬේවිඞ් මිලර්, කාලෝස් බ‍්‍රැත්වෙයිට්, සමිත් පටෙල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, ඕෂධ ප‍්‍රනාන්දු, කසුන් රාජිත, පවුල් ස්ට‍්‍රලින්ග්, ළහිරු මධුෂංක, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, අශේන් බණ්ඩාර, ඩිල්ෂාන් මධුෂංක, කවිඳු නදීශාන්, සචිනිදු කොළඹගේ, ජෝන් ලූවිස් (පුහුණුකරු)
ගාල්ල කණ්ඩායම
ලසිත් මාලිංග, සහිඞ් අෆ්රීඩි, කොලින් ඉන්ග‍්‍රෑම්, හස්රතුල්ලා සසාසි, මොහොමඞ් අමීර්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, සර්ෆාස් අහමඞ්, අශාම් ඛාන්, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප‍්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඞ් ෂිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, ෂාන් ආරච්චි, දුවිනිදු තිලකරත්න, මොයින් ඛාන් (පුහුණුකරු)
යාපනය කණ්ඩායම
තිසර පෙරේරා, ඬේවිඞ් මලන්, වනිඳු හසරංග, ෂොයිබ් මලික්, උස්මාන් ෂිවාරි, අවිශ්ක ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප‍්‍රනාන්දු, අසීෆ් අලී, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, නවිඳු ප‍්‍රනාන්දු, කනගරත්නම් කපිල්රාජ්, තිවේන්ද්‍රම් දිනෝෂාන්, යියාකාන්ත් යියාස්කාන්ත්, තිළිණ කණ්ඩම්බි (පුහුණුකරු)
මහනුවර කණ්ඩායම
කුසල් පෙරේරා, ක‍්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට්, වහබ් රියාස්, කුසල් මෙන්ඩිස්, නුවන් ප‍්‍රදීප්, සීක්කුගේ ප‍්‍රසන්න, අසේල ගුණරත්න, නවීන් උල් හක්, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ප‍්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අන්ජුල, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු සමරකෝන්, නිෂාන් මධුෂංක ප‍්‍රනාන්දු, චාමික එදිරිසිංහ, ඉෂාන් ජයරයින්, පුහුණුකරු (හෂාන් තිලකරත්න)