දඹුල්ල – යාපනය තරගයට වැස්සෙන් බාධා

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට (07 වැනිදා) රාත්‍රියේදී ඇද වැටුණු වර්ෂාය හේතුවෙන් එල්.පී.එල්. තරගාවලියේ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකිං කණ්ඩායම අතර පැවැති තරගය අතර මග නතර කර දැමීමට සිදු විය. ඒ අනුව රාත්‍රී 10.30 පමණ වන විටත් පැවැති වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට හැකියාවක් නොතිබූ අතර කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබා දී තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
තරගය ආරම්භ වී 7 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී ක්‍රීඩා පිටියට ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් තරගය නතර කර දැමූ අතර ඒ වන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 42ක් ලබා සිටියේය.