Home CRICKET පාකිස්තානය පරදවන හැටි දසුන් ශානක කියයි

පාකිස්තානය පරදවන හැටි දසුන් ශානක කියයි

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට (05 දා* ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු වරට විස්සයි විස්ස නායකත්වය ලද දසුන් ශානක තරගාවලිය ජය ගැනීමට කළ ඇති සැලසුම් මෙසේ සදහන් කරයි.
‘‘පාකිස්තානය කියන්නෙ ඉතාමත් හොඳ කණ්ඩායමක්. පසුගිය කාලයේ අපි කණ්ඩායමක් විදිහට අසාර්ථක වෙලා තිබ්බා. නමුත් පාකිස්තානයට ඇවිල්ලා අපි ක‍්‍රීඩා කරපු එක්දින තරග දෙකේදී අපි පැරදුනත් අපි පෙන්නුවා ඔවුන්ව පරාජය කිරීමේ හැකියාව අපිට තියෙනවා කියලා. ඒ වගේම මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ කණ්ඩායම ගැන. ඔවුන් ගොඩක් එකතුවෙලා ක‍්‍රීඩා කරනවා. ඒ එකමුතුකම ජයග‍්‍රහණය වටිනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි පාකිස්තානය පරාජය කරන බවට.’’
‘‘ඇත්තටම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීම ලොකු අභියෝගයක්. ඒ වගේම නායකත්වය ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. තරුණ ක‍්‍රීඩකයන් රැුසක් සමග තමයි ක‍්‍රීඩා කරන්න වෙලා තියෙන්නෙ. ඔවුන්ගේ උපරිමය ගෙන හොඳින් ක‍්‍රීඩා කරලා ජය ගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. අපිට මැදින් කඩුලූ ගන්න දඟ පන්දු යවන්නෙක් ඕන. ඒ නිසා මම හිතනවා ලක්ෂාන් සඳකැන් අපිට ඒ දේ කරලා දෙයි කියලා.’’
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක‍්‍රීඩකයා දසුන් ශානකයි. ඔහු විස්සයි විස්ස තරග 30 කට ක‍්‍රීඩා කර තිබේ. ශ‍්‍රී ලංකාවේ 10 වැනි විස්සයි විස්ස ක‍්‍රිකට් නායකයා වන්නේද දසුන් ශානකයි. ඔහුට පෙර ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමට පිළිවෙලින් මහේල ජයවර්ධන (19*, තිලකරත්න ඩිල්ෂාන් (05*, කුමාර් සංගක්කාර (22*, තිළිණ කණ්ඩම්බි (01*, ඇන්ජලෝ මැතිව්ස් (13*, දිනේෂ් චන්දිමාල් (26*, ලසිත් මාලිංග (16*, උපුල් තරංග (6* සහ තිසර පෙරේරා (09* සමත්ව තිබේ.