Home CRICKET දිල්ලි සහ බැංගලෝර් අවසන් වටයට

දිල්ලි සහ බැංගලෝර් අවසන් වටයට

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ කණ්ඩායම් අතරට එක් වීමට දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමතවූහ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග මූළික වටයේ පැවැති අවසන් තරගයේදී කඩුලු 6ක ජය ලබා ගනිමින් අවසන් වටයට පිවිසීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත වූ අතර බැංගලෝර් කණ්ඩායම දළ ලකුණු ලබා ගැනිමේ වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳෙමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට පිවිසීමට වරම් උදා කරගත්තේය.
අබුඩාබිහිදී පැවැති තරගයේදී පළමුවෙන් පිති ප්‍රහාරය දියත් කළ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 152ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම හඹාගිය දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයෝ පන්දුවාර 19කදී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්වූහ. අදාළ ජයත් සමගින් දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේදී සහභාගී වූ තරග 14න් තරග 8ක් ජය ගැනීමට සමත්වූ අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය. බැංගලෝර් ක්‍රීඩකයෝ සහභාගි වූ තරග 14න් තරග 7ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වීමට සමත් වූහ.
මූළික වටයේ අවසන් තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම අතර අද 03 වැනිදා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ අනුව එම තීරණාත්මක තරගයේදී ජයග්‍රහණය හිමිකර ගැනීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වෙමින් අවසන් වටයට පිවිසීමට ඔවුන්ට හැකියාව ලැබෙන අතර යම් හෙයකින් ඔවුන් පරාජයට පත්වුවහොත් දැනට සිව්වැනි ස්ථානයේ රැඳෙන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අවසන් වටයට පිවිසීමට අවස්ථාව උදාවේ. මෙවර තරගාවලියේදී මේ දක්වා තරග 9ක් ජය ගැනීමට සමත්වී ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වේලාසනින්ම අවසන් වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට සමත් විය.
ලකුණු සටහන
රාජස්ථාන් රෝයල් බැංගලෝර් පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 152යි (දෙව්දත් පඩික්කාල් 50, ඒබී ඩිවිලියර්ස් 35, විරාත් කෝලි 29, ඇන්රිච් නෝක්‍යා 3/33, කාගිසෝ රබාඩා 2/30)
දිල්ලි කැපිටල්ස් පන්දුවාර 19දී කඩුලු 6ක් දැවී ලකුණු 154යි (ෂිකර් ධවාන් 54, අජින්ක්‍යා රහනේ 60, ෂබාෂ් අහමඞ් 2/26)