Home CRICKET දිල්ලි තරගයට දුම වැඩිවී හුස්ම ගැනීමට ඔක්සිජන්

දිල්ලි තරගයට දුම වැඩිවී හුස්ම ගැනීමට ඔක්සිජන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලි නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (04 දා) දිනයේදීද ක්‍රීඩයන්ට හුස්ම ගැනීමට අපහසු වූ බව වාර්තා වේ. එම හේතුවෙන් පිති ප්‍රහාරයේ යෙදී සිටි දිනේෂ් චන්දිමාල් උදේකාලයේදී භෞතචිකිත්සකවරයා ක්‍රීඩාංගණයට ගෙන්වා ඉන්හේල හෝ ඔක්සිජන් වැනි ප්‍රතිකාරයක් ලබා ගන්නා අයුරු ඡායාරූපවල දැක්විය.
ඉන්දියානු ක්‍රීඩකයන් කිහිප දෙනකුට ක්‍රීඩා විවේකාගාරයේදී ඔක්සිජන් ලබාදුන් බවට වාර්තා වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක විවේකාගාරයේදී සියලූ දෙනාම මුඛවාඩම් බැඳ සිටිනු දක්නට ලැබුණි. තරග තීරක ඩේවිඩ් බූන් මේ පිළිබඳව වාර්තාවක් ඉන්දියානු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති අතර ඔහු තවදුරටත් අදාළ තත්ත්වය සම්බන්ධයෙන් පරීක‍ෂණ සිදුකරන බව දිල්ලි නුවරන් වාර්තා වේ.