රන් සපත්තු කුසලාන කහ කණ්ඩායමට

  • (  දෙල්ගොඩ ඩබ්ලිව් ඩී විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති  )
මෙවර නත්තල් උත්සවය නිමිත්තෙන් ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැගීමේ අරමුණ ඇතිව රන් සපත්තු කුසලානය සදහා  දෙල්ගොඩ පාපන්දු සංසදය මගින් සංවිධානය කළ පාපන්දු සැණකෙළියක් නත්තල්දා ( 25 වැනිදා ) මුලු දවස පුරාම දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මෙහි පුධාන ආරාධිතයා වූයේ බියගම පාදේශිය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතාය.
මෙහිදී බියගම මැතිවරණ කොට්ඨාසයේ විසිරී සිටින සිංහල  , මුස්ලිම් හා දමිළ පාපන්දු ක්‍රීඩකයින්ගෙන් සමන්විත කහ , නිල්  , කොල හා අලු පාට වශයෙන් කණ්ඩායම් හතරකට බෙදී පාපන්දු තරගාවලියක් පවත්වන ලද අතර එහිදී කහ කණ්ඩායම ශූරතාව දිනා ගන්නා ලදී.
මේ  තරගාවලියේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස තේරැණු කහ කණ්ඩායමේ දිමුතු ලක්මාල්ට රන් සපත්තු කුසලානය හිමිවිය.
එහිදී ශූරතාව දිනා ගත් කහ කණ්ඩායම බියගම පාදේශිය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතා සමග සමුහ ජායාරූපයකට පෙනි සිටි අයුරුයි මෙ.
දෙල්ගොඩ පාපන්දු සංසදයේ සංවිධායක එස්. එන්. හෙට්ටිආරච්චි මහතා ඇතුළු සෙසු ක්‍රීඩකයින් ද මෙහි වෙති.