හිරුණි විජේරත්න අර්ධ මැරතන් තරඟයෙන් ලෝකඩ පදක්කම ලංකාවට ගෙනෙයි.

ඇමරිකාවේ ඇරිසෝනා හී පැවති මෙසා අර්ධ මැරතන් තරඟයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කල හිරුණි විජේරත්න ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇයට මෙම තරඟය නිම කිරීමට පැය එකකුත් විනාඩි 14 යි තප්පර 19ක් ගත වූ අතර ඇමරිකාවේ බ්‍රිට්නි ෆෙවර් රන් පදක්කම දිනා ගත් අතර බිතාන්‍යයේ රෝසි එඩ්වර්ඩ් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූහ.

හිරුණි විජේරත්න ශ්‍රී ලංකා කාන්තා මැරතන් වාර්ථාවට හිමිකම් කියන අතර ඇය අර්ධ මැරතන් තරඟයකදී දැක්වූ දෙවන හොඳම කාලය ලෙස සටහන් වේ. ඇය පසුගිය වසරේදී අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්ථාව ලෙස පැය 1යි.විනඩි.14යි.තප්පර 7 ක් ලෙසින් තරඟය නිම කළාය.

සටහන : නුවන් ජයතිස්ස