පොඩ්ඩන්ගේ ලෝක කුසලාන අවසන් සටනට ඉන්දියාව සහ එංගලන්තය

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්විය. එ් පෙරේදා රාති‍්‍ර (02 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම ලකුණු 96කින් පරාජයට පත්කරමිනි. එ් අනුව හෙට (05 වැනිදා) පැවැත්වෙන අවසන් මහා තරගයේදී 2022 යොවුන් ලෝක කුසලානයේ ශූරතාව සොයා එංගලන්ත කණ්ඩායම සමගින් ඉන්දීය කණ්ඩායම මුණ ගැසීමට නියමිතය.

දෙවැනි අවසන් පූර්ව තරගය ලෙසින් පැවැති ඉන්දීය – ඔස්ටේ‍්‍රලියා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50දී කඩුලූ 5ක් පමණක් දැවී ලකුණු 290ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. ඉන්දීය ඉනිම ගොඩනැංවීමට විශාල දායකත්වයක් සැපයූ නායක යෂ් ධූල් ශතකයක් වාර්තා කළේය. පන්දු 110ක්දී ලකුණු 110ක් වාර්තා කළ යෂ් හතරේ පහර 4කින් සහ එක් හයේ පහරකින් සිය ඉනිම වර්ණවත් කර ගත්තේය. ෂයික් රෂීඞ් පන්දු 108කදී ලකුණු 94ක් ඉන්දීය ඉනිමට එක් කිරීමට සමත් වූ අතර හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් එම ඉනිමට ඇතුළත් විය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 204ක සම්බන්ධතාවක් එක් කළේය.

ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම පන්දුවාර 41.5කදී සියලූ දෙනා දැවී ලකුණු 194කට සීමා විය. ඔස්ටේ‍්‍රලියානු ඉනිමට පන්දුවෙන් තර්ජනය එල්ල කළ විකී ඔස්ට්වල් ලකුණු 42කට කඩුලූ 3ක් බිඳ දැමූ අතර නිසාන්ත් සින්ධූ සහ රවී කුමාර කඩුලූ 2ක බැගින් බිඳ දැමීය.

ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කළ ලච්ලන් ෂෝ පන්දු 66කදී එය වාර්තා කිරීමට සමත්විය. ඊට හතරේ පහර 4ක් ඇතුළත් විය.

ලකුණු සාරාංශය

ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දු වාර 50දී කඩුලූ 5ක් දැවී ලකුණු 290යි (යෂ් ධුල් 110, ෂයික් රෂීඞ් 94, දිනේෂ් බනා (නොදැවී) 20, ජැක් නිස්බෙට් 41/2, විලියම් සල්ස්මන් 57/2)

ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම පන්දු වාර 41.5කදී සියලූ දෙනා දැවී ලච්ලන් ෂෝ 51, කොරී මිලර් 38, කැම්ප්බෙල් කෙල්ලවේ 30, විකී ඔස්ට්වල් 42/3, නිසාන්ත් සින්ධු 25/2, රවී කුමාර් 37/2