Home CRICKET ඉන්දියාවේ ඓතිහාසික ජය සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික පරාජය

ඉන්දියාවේ ඓතිහාසික ජය සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික පරාජය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පුර් හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිල අද (27 දා) ඉනිමක සහ ලකුණු 239 ක පරාජයක් ලැබීය. එය ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලද දැවැන්තම පරාජය වූ අතර ඉන්දියාව ලද දැවැන්තම ටෙස්ට් ජය ලෙස වාර්තා වීම ඓතිහාසික වාර්තාවක් වේ.
ශ්‍රී ලංකාව මීට පෙර ඉන්දියාව හමුවේදී 2001 දී ඉනිමක සහ ලකුණු 229 කින් දැවැන්තම පරාජය ලබා තිබුණි. 1993 දී දකුණු අප්‍රිකාව හමුවේ ඉනිමක සහ ලකුණු 208 කින්ද 2012 වසරේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 201 කින්ද ශ්‍රී ලංකාව විශාලතම පරාජයන් ලබා තිබුණි.
1982 ටෙස්ට් වරම් ලැබු ශ්‍රී ලංකාව ලද සියවැනි පරාජයද මේ සමගම වාර්තා විය. ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ තරග 266 කට සහභාගි වී තරග 100 ක් පරාජය වන අතරතුර ජය ලබා ඇත්තේ තරගය 84 ක ජය පමණි. මේ වසරේදී ලද හත්වැනි ටෙස්ට් පරාජය මෙය විය.
ශ්‍රී ලංකා පිතිකරුවන්ව කරකවා දැමීමට වැය වූයේ ඉන්දියානුවන්ට පන්දු ඕවර 128.4 ක් පමණි. සිය 54 වැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 300 වාර්තා කිරීමට රවී චන්ද්‍රන් අශ්වින් සමත් වූ අතර එය වේගවත්ම කඩුලූ තුන්සිය ලෙසද සටහන් විය. ඔස්ටේ්‍රලියාවේ ඩෙනිස් ලීලි 1980 දශකයේ තරග 56 කදී ලබාගත් වේගවත්ම කඩුලූ තුන්සියය දෙවැනි තැනට පත්විය. අදාළ ලැයිස්තුවේ තෙවැනි තැන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට හිමිව තිඛෙන අතර ඔහු තරග 58 කදී තුන්සියවැනි කඩුල්ල ඩැහැ ගත්තේය.
ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 444 ක ඉලක්කය හිමිව තිබියදී ශ්‍රී ලංකා පිතිකරුවෝ දැක්වූ පිති ප්‍රහාරය හාස්‍යට ලක්විය. දිනේෂ් චන්දිමාල් පමණක් අර්ධ ශතකයක් වාර්තා කළ අතර ඔහු පළමු ඉනිමේදීද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. සුරංග ලක්මාල් පසුපෙළින් පැමිණ නොදැවී ලකුණු 31 ක් ලබා නොගන්නට ශ්‍රී ලංකාවේ පරාජයේ බර මීටත් වඩා වැඩි වීමට ඉඩ තිබුණි. පස්වැනි ද්විත්ව ශතකය වාර්තා කරගත් ඉන්දියානු නායක විරාට් කෝලි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.


ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව පළමු ඉනිම 205 යි.
ඉන්දියාව පළමු ඉනිම කඩුලූ 6ට ලකුණු 610 යි.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
සධීර සමරවික්‍රම            00
දිමුත් කරුණාරත්න       18
ළහිරු තිරිමාන්න           23
ඇන්ජලෝ මැතිව්ස්       10
දිනේෂ් චන්දිමාල්          61
නිරෝන් දික්වැල්ල       04
දසුන් ශානක                 17
ඩිල්රුවන් පෙරේරා      00
රංගන හේරත්              00
සුරංග ලක්මාල් නොදැවී 31
ළහිරු ගමගේ ප.අශ්වින් 00
අතිරේක                       02
එකතුව පන්දුවාර 49.3 කදී සියල්ල දැවී ලකුණු 166
කඩුලු වැටීම – 1-00, 2-34, 3-48, 4-68, 5-75, 6-102, 7-107, 8-107, 9-165, 10-166
පන්දු යැවීම
ෂර්මා – 12 4 43 2 අශ්වින් – 17.3 4 63 4
ජදේජා – 11 5 28 2 යදව් – 9 2 30 2