ඉන්දියානු ක්‍රිකට් පිල ඝාතනය කරන බවට පාකිස්තානයට දන්වයි

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවට සඳහන් විද්‍යුත් තෑපැල් පණිවුඩයක් පාකිස්තාන් ක්‍රිකට් ආයතනයට ලැබී තිබේ. එහ ඊමේල් පණිවුඩය නිර්නාමික අයුරින් එවා ඇති බවද සඳහන් වේ.
පාකිස්තාන් ක්‍රිකට් ආයතනයට පැමිණි එම ඊමේල් පණිවුඩයේ පිටපතක් පැය 24 ක් ඇතුළත ඉන්දියානු ක්‍රිකට් ආයතනයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබාදීමට පාකිස්තාන් ක්‍රිකට් බළධාරින් කටයුතු කර තිබේ. ඒ අනූව ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත.
අදාළ අනතුරු ඇගවීම සම්බන්ධයෙන් පාකිස්තානය විසින් සියලුම පාර්ශ්ශව දැනුවත් කර ඇති අතර ඉන්දියානු කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දියානු කොදෙව් හී සංචාරයක නිරත වෙමින් සිටියි. අදාළ ඊමේල් පණිවුඩය සම්බන්ධයෙන් පරීක්‍ෂණද ආරම්භ කර ඇති බව සඳහන් වේ.