Home CRICKET අපි පාකිස්තානයට ගහයි කියලා කවුරුත් හිතුවෙ නැහැ – ඉසුරු උදාන

අපි පාකිස්තානයට ගහයි කියලා කවුරුත් හිතුවෙ නැහැ – ඉසුරු උදාන

Sri Lanka's Isuru Udana celebrates the run out of Australia's Pat Cummins during the ICC Cricket World Cup group stage match at The Oval, London. (Photo by Adam Davy/PA Images via Getty Images)

පාකිස්තානය පරාජය කරනු ඇතැයි කිසිවකු විශ්වාස නොකළ බව වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක ඉසුරු උදාන පවසයි. පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් වෙහෙසන අතරවාරයේදී ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
‘‘අපි පාකිස්තානය පරාජය කරයි කියලා කවුරුත් හිතුවෙ නැහැ. මොකද පාකිස්තානයේ ඉන්න හොඳම අය තමයි අපිට එරෙහිව ක‍්‍රීඩා කළේ. තවත් ඊට වඩා හොඳ අය ඔවුන්ට නැහැ. අපි ඒ අයගේ ක‍්‍රීඩකයාගෙන් ක‍්‍රීඩකයාට සැලසුම් කළා. මොන සැලසුම කළත් වැඞ් නැහැ මැදට ගිහින් පේ‍්‍රෂර් එක හරියට පාලනය කරන්නෙ නැතිනම්. අපි පළමු තරගයේදී ඒ දේ කළා.’’
පිතිකරුවකු විදිහටත් තමාට අවස්ථාව ලැබෙන විට කණ්ඩායමට දායකත්වය දීමට සුදානම් බවත් අවසන් පන්දුවාර දෙක තුනේදී ස්ථාවර වී පිති ප‍්‍රහාරයේ යෙදිය නොහැකි බවත් උදාන පවසයි.
‘‘ පාකිස්තානය විස්සයි විස්ස ලොව අංක එකේ කණ්ඩායම. ඔවුන්ගේ ඉන්න හොඳම කට්ටිය තමයි අපිත් එක්ක ක‍්‍රීඩා කළේ. අපේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙතුන් දෙනෙක් නැති වුණත් නවකයන් ඉතාමත් හොඳින් ක‍්‍රීඩා කළා.’’ යැයි පවසන ඉසුරු උදාන විස්සයි විස්ස තරග 25 කදී පිතිකරුවකු වශයෙන් අර්ධ ශතකයක් ලබා ඇති අතර ඔහු පන්දු යැවීමෙන් කඩුලූ 21 ක් දවාගෙන තිබේ. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්විය හැකි පිතිකරුවකු වන ඉසුරු උදාන පළමු පෙළ විස්සයි විස්ස තරග 120 කදී කඩුලූ 132 ක් ලබා තිබේ.